“එන්න එපා”- අගරදගුරුගෙන් ජනපති අපේක්ෂකයන්ට සැර කොන්දේසියක්

Picture of අසංක

අසංක

පළමුව කළ යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අද වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද එහි වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවිය යුතු නැතැයි ද හෙතෙම අවධාරණය කර තිබේ.

අද පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

කාදිනල් හිමිපාණන් පවසන්නේ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට අවශ්‍යව ඇත්තේ වන්දි නොව යුක්තිය ඉටු කිරීම බවයි.

මෙම කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරයට අනුග්‍රහය දැක්වු හෝ බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හරිමින් සිටි හෝ කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ වුවන්ට අද වන තෙක් කිසිදු දඬුවමක් ලැබී නොමැති බව හෙතෙම චෝදනා කර සිටියි.

ඔවුන් නිදැල්ලේ සිටින බවත් ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය හා සෙසු සියලු පක්ෂ ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වගකිව යුතු බවද කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවක එකිනෙකා ලකුණු දා ගැනීම නොව සියලුදෙනා සහෝදරයන් මෙන් එක්ව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම කළ යුතු බවත් ශක්තිමත් බලපෑමක් විරුද්ධ පක්ෂයෙන් නොලැබුණු බවත් කියා සිටියි.