වෛද්‍ය ෂාෆි නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම ගැන කුරුණෑගල DIG ඇතුළු පොලිස් ලොක්කෝ කිහිපදෙනෙකුට වැඩ වරදින ලකුණු

Picture of අසංක

අසංක

වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පිළිබඳ නිසි විමර්ශන සිදු නොකර බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබේ.

වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 10න් 7ක්ම පොලිස් පොතේ ලියා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව අනාවරණය වී ඇත.

එම පැමිණිලි 7ම පොලිස් පොතේ සටහන් කරගෙන ඇත්තේ මැයි 24 හා ඊට පෙර සටහන් කල ලෙසය.

නමුත් එම පැමිණිලි මැයි 24ට පසුව ලියූ ඒවා බවට විද්‍යාත්මකව තහවුරු කරගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.

කෙසේවෙතත් ඔහු පිළිබඳ පැමිණිලිවල ද වෛද්‍යවරයා අන්තවාදියකු, ත්‍රස්තවාදියකු හෝ සහරාන්ට සම්බන්ධ අයකු ලෙස සටහන් වී නැත.

එවැනි චෝදනාක් නොමැති අවස්ථාවක මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් ය.

ඒ අනුව කූට ලේඛන සෑදීමේ චෝදනාව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලිපිගොනුව නීතිපතිවරයා වෙත යවා තිබේ.

ඒ ඉදිරි විමර්ශන පැවැත්වීමට නීතිපති උපදෙස් ලබාගැනීම සඳහායි.