නවතම පුවත්

අකුරැස්සේදී පොලීසියට වෙඩිතබා ඇත්තේ පොලිස් ගිනිඅවිවලින්මයි – 5ක් අත්අඩංගුවට

අසංක

අසංක

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත්තේ පසුගියදා පානදුර උතුර පොලීසියේ අවි ගබඩාවෙන් අතුරුදන් අවි දෙකෙන් බවට හෙළිවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට යුද හමුදා සෙබළු 2නෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අංක තහඩු නොමැතිව, පොලිස් අණ නොතකා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පලාගිය තිදෙනෙකු විසින් පසුපස හඹා ආ පොලිස් නිලධාරීන්ට අකුරැස්ස ප්‍රදේශයේ දී වෙඩිතබා තිබුණි.

අකුරැස්ස සිද්ධිය වී තිබුණේ පසුගිය 5 වැනිදා වන අතර එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කළ අතර සැකකරුවන් පලාගොස් තිබුණි.

මේ පිළිබඳ විමර්ශනයේදී එම යතුරුපැදියෙන් ගමන් ගත් අයකු ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමට අනුව හමුදා නිලධාරියකු ඇතුළු සෙසු සැකකරුවන් දෙදෙනා සහ සඟවා තිබූ අවිආයුධ කිහිපයක් සොයාගැනිණ.

සොයාගත් අවිආයුධ අතර ටී56 ගිනි අවි 2ක්, මැගසින් 2ක් හ සජීවී පතොරම් කිහිපයක් සොයාගෙන තිබේ.

මෙම ටී56 ගිනි අවි පසුගියදා පානදුර උතුර පොලීසියේ අවි ගබඩාවෙන් අතුරුදන් වී තිබූ ගිනිඅවි බවට තහවුරු වී ඇත.

මේ අනුව අද පෙරවරුවේ දී පොලීසියේ අවි සොරකමට අදාළව තවත් හමුදා සෙබළෙක් සහ ආධාර හා මුදල් සැපයූවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අකුරැස්ස වෙඩි තැබීමේ සිද්ධිය සහ පොලීසියේ අවි ගබඩාවෙන් අවි අතුරුදන් වීම හා ඒවා හමුවීමට අදාළව දීර්ඝ විමර්ශනයක් සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්