අගමැතිවරයාට එරෙහි පෙත්සම විභාග නොකරම ඉවතට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරය අත්හිටුවමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තින්දු කළේය.

ඒ එම පෙත්සම සම්බන්ධයෙන් එල්ල වූ මූලික විරෝධතා පිළිබඳව අවධානය යොමුකරමිනි. ෂිරාන් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.