නවතම පුවත්

අගමැතිවරයා අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධිය වැදපුදා ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ රුවන්වැලි මහා සෑය සහ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැද ආශිර්වාද ගත්තේය. රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී, නුවර කළාවියේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑය වැද පුදා ගත්තේය.

පසුව අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැදපුදා ගත්තේය.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ මහතා, පරිසර හා වනජිවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා, හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් මහතා, හිටපු උතුරු මැද පළාත් අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලඥයින් මෙම අවස්ථාවට එක්වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්