අගමැති සමග සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයට විරෝධය පලකරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ  සිට හෙට (06) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. 

මේ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය නිවැරදිකරමින් නිවේදනයක් නිකුත් කරන බවට අග්‍රාමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ.