නවතම පුවත්

අපේ ස්වාධීනත්වය ගැන ඇයි අපි බාල්දු වෙන්නෙ – අපි ජීනිවා යෝජනා වලින් ඉවත් උනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු ජනතාවගේ ගැටලු විසඳාලිය හැක්කේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන් බවත් අතුරුදන් වූවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එල්.ටී.ටී,ඊ. යේ මෙන්ම හමුදාවේද අතුරුදන් වූවන් සිටින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යොජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වූයේ ජනතාව දුන් වරම අනුව බවත් ඒ පිළිබඳව බියවීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළේය. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (05දා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

“උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හරහා තමයි ප්‍රශ්න විසඳගන්න හැක්කේ. දේශපාලන වාසි ගන්න විවිධ අය විවිධ දේ කරන්න  පුළුවන්. උමා මහේෂ්වරන් එදා මේ සංවිධානය පටන් ගත්තේ ආර්ථික ප්‍රශ්නයක් මුල් කරගෙන. පස්සේ තමයි දේශපාලනික වුණේ.

මම හිතන්නේ ආර්ථිකය දියුණු කිරීම මගින් මේක විසඳගන්න පුළුවන්. ව්‍යාපාර කරලා හොඳට ඉන්න දමිළ ජනතාවත් ඉන්නවා, මුරුංගා කොළ කාල ඉන්න සිංහල අයත් ඉන්නවා. ඇයි යුද්ධයේදී මිනිස්සු අතුරුදන් වෙන්නෙ. යාපනය කොටුව බේර ගන්න ඔපරේෂන් එක කළේ මමයි සරත් ෆොන්සේක මහත්තයයි. ඒත් අපි දකිනවා කොටුවෙන් එපිට මීටර් 100ක දුරින් අපේ අය මැරිලා ඉන්නවා. එයාලගේ සිරුරු දිරනවා අපිට පෙනෙනනවා. එයාලත් අතුරුදන් වූවන් තමයි.

දෙපාර්ශවයෙන්ම අතුරුදන් වෙලා තිබෙනවා. යුනිසෙෆ් එක වාර්තාවක් කළා. ඒ අය ඇහුවේ ළමයි ගැන. උතුරු පළාතේ  කාන්තා හා ළමා අතුරුදන් වීම් ගැන පැමිණිලි 2600ක් ලැබිලා තිබුණා. අට දෙනෙක් තමයි කියලා තිබුණේ හමුදාවෙන් අරන් ගියා කියලා. අනෙක් අය කියලා තිබුණේ එල්.ටී.ටී.ඊ. යෙන් යුද්දෙට අරන් ගියා කියලයි.”

ජිනීවා යෝජනවලියේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ ජනපතිවරණයේදී  ජනතාව  දුන් ජනවරම අනුව සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

“ පැහැදිලිවම ජනතාව වරමක් දුන්න නිසයි ඉවත්  වුණේ. එකෙන් (මානව හිමිකම් කොමිෂමෙන්) ඇමෙරිකාවත් එළියට ගියා. ඇයි අපි ඔච්චර බය වෙන්නේ. අපේ ස්වාධීනත්වය ගැන ඇයි අපි බාල්දු වෙන්නෙ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්