නවතම පුවත්

මැතිඇමතිවරුන්ගේ ඡායාරූප සහ පණිවිඩ පාසල් පෙළ ‍පොත් වලින් ඉවත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

“අධ්‍යාපන ප්‍රතිපත්තියක්”සැකසීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කැබිනට් මණ්ඩලය , පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු බව  ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් සහ අන්තර්ජාතික ක්‍රම සැලකිල්ලට ගෙන එය සකස් විය යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළා.

තවද දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළ පොත් වලින්  ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා.

දේශපාලන වෙනස්වීම් සමග මේ ඡායාරූප සහ පණිවිඩ  වෙනස් කොට පෙළපොත් අලුතින් මුද්‍රණය කිරීමට අමාත්‍යාංශය විශාල පිරිවැයක් දරා ඇති බවත් දැන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්