නවතම පුවත්

අගරදගුරු හිමි කී දේ ඉලක්කය  මෛත්‍රී නෙවෙයි ශ්‍රීලනිපයයි – පක්ෂ මහලේකම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිබඳ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්  හිමිපාණන් විසින්  කරන ලද ප්‍රකාශය මගින් ඉලක්ක කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොළඹ ඊයේ (5) පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලෙස මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
“ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලලා ඉවරයි. එතුමා ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉවරයි. ආපහු ඡන්දය ඉල්ලන්නේ නෑ. ඉතින් ඒක වැරදි විදියට තේරුම් ගැනීමක් කියලයි මං හිතන්නේ . ඒ වගේම කිසිම කෙනෙක් මේ කොමිෂන් සභා වාර්තාවේ එතුමාව වැරදිකරුවෙක් කරල නෑ කිසිම තැනක. එතුමාට එරෙහිව නඩු පවරන්න අවස්ථාවක් තියෙනව ද කියලා සොයා බලන්න නීතිපති දෙපාර්තමේන්තුවට කියල තියෙන එක විතරයි ඒකෙ කියලා තියෙන්නේ. නැතුව එතුමාව වරදකරුවෙක් කරලා නෑ. ඒ නිසා මං කණගාටු වෙනවා ඒක නිවැරදිව තේරුම් අරගෙන නැති එක ගැන. කිසිම කෙනෙක් අපේ රටේ උසාවියෙන් වරදකරුවෙක් වන තුරු වැරදි කාරයෙක් නෙවෙයි. මේ බෝම්බ ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙවෙයිනෙ. මේ බෝම්බ ගහපු මිනිහව හොයාගන්න එකයි අපි කළ යුත්තේ. මං හිතන්නේ නිවැරදි බෝම්බකරු කවුද කියන එක මේවගෙන් යටපත් වෙලා යනවා. අපි පක්ෂය හදාගෙන ඉස්සරහට යද්දී මේ වගේ පහරදීම් අපට සිද්ධ වෙනවා. ඒ නිසා අපි එකට කලබල වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේත් සාධාරණව මේ ගැන කල්පනා කරයි කියලා. මේ ප්‍රකාශය තුළ විශාල දේශපාලනයක් තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නෙ. අහන්න තියෙන්නෙ ඒ ප්‍රකාශය කරන කොට ඒ ප්‍රකාශය පිටුපස තියන හස්තය මොකක්ද කියලා. ඒ නිසා මට කියන්න තියෙන්නේ එවැනි ප්‍රකාශ තුළින් කාදිනල් උන්වහන්සේත් දේශපාලනීකරණයට ලක් වීමක් තමයි අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ. මේක පිටිපස්සේ කවුරු ඉන්නවද කියලා මම දන්නේ නෑ කවුරු ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉලක්ක කරගෙනම සිද්ධ වෙනවා කියන්නේ මේ ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ බලවේගය. ඒ නිසා ඒකට මුහුණ දෙන්න අපි සුදානම්.”
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්