නවතම පුවත්

රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ පැමිණිල්ලෙන් මන්ත්‍රී නලින් පැය 3ක් CIDයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් කළ පැමිණිල්ලකට අදාලව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(05) පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කරනු ලැබීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ව මලයාසියාවේදී සුරේෂ් සලෙයි මුණගැසී ඇතැයි මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් අදාල පැමිණිල්ලට මුල්වී තිබුණි. ඒ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් වන්දි ඉල්ලා එන්තර වාසියක්ද සලෙයි මහතා සිය නීතීඥයින් මගින් යොමුකරනු ලැබීය.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරනු ලබන්නේ ඉකුත් 17 වෙනිදාය.
එම මාධ්‍ය හමුවේදී කළ කරුණු අසත්‍ය බවත් තමන් කිසිදිනෙක සහරාන් හෂීම් හමුවී නොමැති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණීල්ලක් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්ද පත්කරනු ලැබීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අවස්ථා දෙකකදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාව කැදවනු ලැබීය. මුල් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් නීතීඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවට ඉදිරිපත් වූ අතර ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ දෙවැනි කැදවීමට අනුවය.
පැය තුනකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කරන්නේ රජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලෙයි සහ සහරාන් මලයාසියාවේදී හමුවූ බවට වූ තොරතුර ගැන තමා දැනුවත්වන්නේ වෙබ් අඩවි ප්‍රවෘත්තියකින් බවය. එම ප්‍රවෘත්තිය මෙතෙක් නිිවැරදි කිරීමක් කර නොමැති බවත් එබැවින් එම තොරතුර නිවැරදි තොරතුරක් යැයි විශ්වාස කරමින් එම ප්‍රකාශය කළ බව ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්