අගෝස්තුවේ රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමෙන් බිලියන 1.4ක පාඩුවක්

Picture of අසංක

අසංක

දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාව අද(23) දින සභාගත කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එම විදුලි බිඳවැටීම සිදුවූයේ පසුගිය වසරේ අගෝස්තු මස 17 වන දින ය.

තවද 2015 සැප්තැම්බර් මාසයේ සහ 2016 පෙබරවාරි මාසයේ සිදු වූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන්ද පත් කළ කමිටු වාර්තාද අද දින සභාගත කරන බව අමාත්‍යවරයා පැවසීය. පරිශීලනය සහ අනාගත තීන්දු තීරණ ගැනීමේදී මෙම වාර්තා සභාගත කිරීම වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ අගෝස්තු 17 දා දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම හේතුවෙන් මෙරට සමස්ථ ආර්ථිකයට රුපියල් මිලියන 1471ක් පමණ වෙතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙවැනි විදුලි බිඳවැටීමක් 2015 සැප්තැම්බර් මාසයේ සහ 2016 පෙබරවාරි මසද සිදු වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තා කිසිවක් ජනතාව අතරට පත් වී නොමැති බවද පෙන්වා දුන්නේය. ජේ.ආර්.ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ යුග වලදී විදුලි බල පද්ධතිය පෝෂණය වී ඇති බවත් එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තුළින් විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන බවද අමාත්‍යවරයා කීය