දම්පත් රණසිංහ
නව කොරෝනා වෛරසය පැතිරීමේ අධි අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ යාපනය අරියාලෙයි කයිතඩි ගම්මානය සහ කළුතර අටලුගම ගම්මානය එම තත්ත්වයෙන් නිදහස් කර තිබේ.
එම ගම්මාන දෙකෙහි තව දුරටත් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා පැතිරීමෙන් වැළකී ඇතැයි සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව මෙම පියවර ගෙන තිබේ.
නව කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් එම ගම්මාන දෙක හුදෙකලා කොට සීල් තැබීමටත් ප්‍රදේශවාසීන් ස්වයං නිරෝධායනයට ලක් කරවීමටත් ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි.