නවතම පුවත්

රන්ජන් රාමනායක අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු මන්ත්‍රීවරයා සමඟ තවත් පුද්ගලයෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මිරිහාන පොලිසියේ නිලධාරීන් විසිනි.

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිළ නිවාස වල සිටිය දී හිටපු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිට මිරිහාන පොලිසියට රැගෙන විත් තිබේ.

ඇඹිලිපිටියේ පදිංචි පුද්ගලයකු අද දිනයේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිළ නිවාස වෙත පැමිණ ඇත්තේ රංජන් රංජන් රාමනායක මහතා හමුවීමටයි.

නිල නිවාස පිවිසුමේදී එහි ආරක්ෂාවට යොදවා සිටින  පොලිස් නිලධාරින් විසින් අදාළ පුද්ගලයා ගෙන් ඇඳිරි නීති ගමන් අවසර පත්‍රය විමසා තිබේ.

එහෙත් එම අවස්ථාවේදී එම පුද්ගලයා සතුව ඇඳිරි නීති ගමන් අවසර පත්‍රයක් නොතිබූ අතර හිටපු මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කොට බලහත්කාරයෙන් එම පුද්ගලයා තම නිල නිවස වෙත රැගෙන ගොස් තිබේ.

මේ පිළිබඳ එම ස්ථානය ඒ කටයුතු කළ නිලධාරියා විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනෙක් පුද්ගලයා පවසා ඇත්තේ ඇඹිලිපිටියේ සිට එන විට මගදී හමුවන සෑම පොලිස් බාධකයකදීම ඒ ඒ පොලිස් නිලධාරීන්ට හිටපු මන්ත්‍රී හමුවීමට යන බව පවසා රංජන් රාමනායක මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාගෙන නිලධාරීන්ට දීම මගින් කොළඹ තෙක් පැමිණීමට හැකි වූ බවයි.

මෙලෙසඇමතුමක අවසරයකින් පොලිස් පොලිස් බාධකයකින් ඇඳිරි නීති බලපත්‍රයක් හෝ නොමැතිව මෙම පුද්ගලයා එවීම පිළිබඳ පොලිසිය වෙනම සොයා බැලීමට කටයුතු කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්