නවතම පුවත්

අටළුගම දැරියගේ ඝාතකයා පාපොච්චාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරුවෙකු අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටිනවා.

ඝාතනයට ලක්වූ දැරිය වෙළෙදසැලට ගොස් නැවත සිය නිවස බලා එමින් සිටියදී මෙම සැකකරු විසින් ඇයව කැඳවා ගෙන ගොස් ඇති බවයි මේ වන විට ලැබී ඇති තොරතුරු වලින් හෙළිවී ඇත්තේ.

ඝාතනයට ලක්වූ දැරිය ගේ මරණ පරීක්ෂණ වාර්තාව අනුව අයට ලිංගික අපහරනයක් සිදුවී නොමැති බවට තහවුරු වී ඇති බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඝාතනයට ලක්වූ දැරියගේ පවුලේ ඥාතියෙකු ද වන අතර ඔහුගේ නිවස මෙම දැරියගේ නිවස ආසන්නයේම පිහිටා ඇති බවයි. එමෙන්ම ඔහු විවාහකයෙකු වන අතර, දරුවන් දෙදෙනෙකු ගේ පියෙකු ද වනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්