නවතම පුවත්

චීනය ,නවීන මූල්‍ය පද්ධතියක් බලගන්වයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2025 වනවිට නවීන මූල්‍යකරණයට සරිලන මූල්‍ය ප්‍රමිති පද්ධතියක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ගනිමින් චීනයේ මූල්‍ය නියාමකයින් 14 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ (2021-2025) මූල්‍ය අංශයේ ප්‍රමිතිකරණය ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් එළිදක්වා තිබේ.

මෙම ලේඛනය චීනයේ මහ බැංකුව, වෙළෙඳපොළ නියාමනය සඳහා වන රාජ්‍ය පරිපාලනය, චීන බැංකු සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ චීන සුරැකුම්පත් නියාමන කොමිෂන් සභාව විසින් ඒකාබද්ධව ප්‍රකාශයට පත් කරන ලදී.

අධීක්ෂණය, අවදානම් වැළැක්වීම, මූල්‍ය තාක්ෂණය, හරිත මූල්‍ය සහ ඩිජිටල් මුදල් ඇතුළු පුළුල් පරාසයක ප්‍රමිතිකරණය වැඩිදියුණු කිරීමට බලධාරීන් සැලසුම් කරයි.

මෙම අවස්ථාවෙහිදී, විශේෂයෙන්ම අන්තර්ජාල මූල්‍යකරණයේදී, මූල්‍ය අවදානම් පිළිබඳ අධීක්ෂණය සහ පූර්ව අනතුරු ඇඟවීම් චීනය වැඩිදියුණු කරනු ඇත. ක්ලවුඩ් කම්පියුටින්, බිග් ඩේටා සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු තාක්‍ෂණ භාවිතය මග පෙන්වීමටද ප්‍රයත්න දරනු ඇත.

මහජන ආරක්‍ෂාව, ව්‍යාපාරික රහස් සහ පුද්ගලික රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම සඳහා මූල්‍ය දත්ත භාවිතයද වඩා හොඳ කළමනාකරණයක් යටතේ පැවැත්වීමට ඔවුන් සූදානම් වෙයි.

චීන රජය 2016 සහ 2020 අතර මූල්‍ය අංශයේ ජාතික සහ කාර්මික ප්‍රමිතීන් 137ක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ප්‍රමිතිකරණය සැබෑ ආර්ථිකයට දායක කිරීම, අවදානම් වළක්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වර්ධනය කිරීම සඳහා වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්