නවතම පුවත්

අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට චීනයෙන් මුහුණු ආවරණ 125,000 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින පුරා අඩුපහසුකම් සහිත පාසල් සිසුන්ට බෙදා දීම සඳහා මුහුණු ආවරණ 125,000ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරිත්‍යාග කළේය.

පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු මෙම මුහුණු ආවරණ බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසින් ප්‍රධනය කළේය.

නව කොරෝනා වසංගතයට එරෙහි සටනේදී චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය දක්වන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් අගය කළ අතර නැවත පැමිණෙන සිසුන්ට එය බෙහෙවින් උපකාරී වනු ඇතැයි පැවසීය.

චීනයෙන් පරිත්‍යාග කරන ලද විශාලතම වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. පරීක්ෂණ කට්ටල 70,000 වැඩි ප්‍රමාණයක් සහ තවත් මුහුණු ආවරණ, ඇස් ආවරණ ඇතුළුවිශාල තොගයක් චීනය මෙසේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්