පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට ගාල්ල වරාය පොලිස් වසමේ දී පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර වෙඩි තබා තිබේ.
එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි බවට ලද තොරතුරක් මත ගාල්ල පොලිස් අධිකාරි අධිකාරී කාර්යාලය ට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීමකට අනුව එම ත්‍රිරෝද රථය නවතන ලෙසට පොලිසිය විසින් අණ කර තිබේ.
එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි සිදු වූ නොවූ බවත් වෙඩි වැදී ඇත්තේ රෝද වලට බවත් වාර්තා වෙයි.