සේරුනුවර ප්‍රදේශයේදී යුද හමුදාව මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එල්ටීටීඊ හිටපු සාමාජිකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යාපනය කොන්ඩාවිල්, වරණි ප්‍රදේශයේ වළදමා තිබූ කිලෝ 15ක් බර පැති බෝම්බ 2ක් සොයාගෙන තිබේ.
සැකකරු ජෝසෆ් පීටර් රොබින්සන් නමැත්තෙකි.
මොහු අත්අඩංගුවට ගත් දින ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අවිආයුධ, පුපුරණ ද්‍රව්‍ය සහ ප්‍රභාකරන්ගේ රූප යෙදූ ටීෂර්ට් ඇතුළු සැකකටයුතු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම ඒම නිවසේ පදිංචිව සිටි ඔහුගේ බිරිද හා නැගණිය ද හමුදා අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය පොලීසියට භාරදී තිබේ.
මොවුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.