නවතම පුවත්

අත්‍යාවශ්‍ය කරුණක් හැර නිවසෙන් බැහැරට ගියොත් වරෙන්තු නොමැතිව අත් අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා අද (25) මේ බව පැවසීය.

ගෙවුණු පැය 24 තුළ පනවා ඇති ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 420ක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වූ බවත් වාහන 97ක් පොලීසිය භාරයට ගැනීමට සිදු වූ බවත් සේනාරත්න මහතා සඳහන් කළේ ය.

මේ වනවිට ඇදිරි නීතිය කඩකළ සමස්ත පුද්ගලයන් සංඛ්‍යව 2682ක් බවත් වාහන 706ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් සුළු පිරිසක් මෙලෙස කටයුතු කිරීමෙන් රටේ සෞඛ්‍ය අවධානමක් ඇති කරන බවත් සේනාරත්න මහතා පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි