අත්‍යාවශ්‍ය භාණ්ඩ රේගුවෙන්  නිදහස් කරන ක්‍රමවේදය වෙනස් කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට රජය සැලසුම් කර ඇත

 

ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවලට අදාළ සියළු  වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පමණක් ඒවා රේගුවෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවද  .පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

 

මෙම වැඩපිළිවෙල හරහා රටට ආනයනය කෙරෙන  අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබදව මතුව ඇති ගැටලුවලට විසදුමක් ලබාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය

 

මෙම වැඩපිළිවෙල යටතේ නියම ප්‍රමිතියකින් නොමැති බවට තහවුරුවන සියලු භාණ්ඩ වහා ප්‍රතිඅපනයනය කිරීමටද කටයුතු සැලසුම් කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .