නවතම පුවත්

අදට යෙදෙන පුරුෂයන්ගේ දිනය ගැන දැන සිටියාද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාර්තු මස අට වන දින ලෝකය ම ‘කාන්තා දිනය‘ සැමරුව ද, පිරිමින් වෙනුවෙන් දිනයක් වෙන් වුන බවක් අප සාමාන්යමයෙන් අසා නැත්තෙමු. එහෙත් ලෝකයේ පිරිමින් වෙනුවෙන් ද දිනයක් සමරන රටවල් ඇතැයි පැවසුවොත් ඔබ පුදුම වනදු නො අනුමාන ය.
පෙබරවාරි 23 වන දින රුසියානුවෝ උත්සවාකාරයෙන් පුරුෂයන්ගේ දිනය සමරයි.
රුසියාවට අමතර ව බෙලරුසියාව, තජිකිස්තානය, කිරිගිස්තානය ඇතුලු රටවල් ගණනාවක මෙම පුරුෂ දිනය සැමරෙයි. මෙම දිනය සැමරීමේ ආරම්භය 20 වන සියවසේ මුල් භාගය දක්වා දිව යන්නකි. 1918 වසරේ දී රුසියානු රතු හමුදාව නිල වශයෙන් පිහිටවීමේ සංවත්සරය මුල් කරගනිමින් 1919 වසරේ පෙබරවාරි 23 ඉරුදින ප්රිථම වරට “රතු හමුදා දිනය“ සැමරීම, මෙම දිනයේ ආරම්භය යි.
1922 වසරේ දී මෙම දිනය නිල වශයෙන් “රතු හමුදා දිනය“ ලෙස නම් කරන ලදී. සෝවියට් දේශය දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු 1946 වසරේදී මෙම දිනය නිල වශයෙන් “සෝවියට් හමුදා දිනය“ ලෙස නම් කරන ලදී. 1991 වසරේ සෝවියට් දේශය බිද වැටීමත් සමග රුසියාවේ සිදු වූ නව දේශපාලන ප්ර තිසංස්කරණ හමුවේ “සෝවියට් හමුදා දිනය“ යන නාමය වෙනස් විය. 2002 වසරේ දී රුසියානු ජනාධිපති වලැදිමීර් වලැදිමීරවිච් පූටින් විසින් “පීතෘ භූමිය ආරක්ෂා කළවුන්ගේ දිනය“ ලෙස නම් කොට එය ජාතික නිවාඩු දිනයක් බවට ප්රරකාශ කළේ ය.
මෙම දිනයේ වැදගත්කම වන්නේ ඉතිහාසය පුරාවට රසියානු පීතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කිරීම හා ඕනෑ ම මොහොතක තම පීතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින පිරිමින් සියලු දෙනා වෙත ගෞරවය දැක්වීම යි.
මුල් කාලීනව මෙම දිනයේදී රතු හමුදාවේ ආ පසුව සෝවියට් හමුදාවේ සේවය කළ නිලධාරීන් හා සොල්දාදුවන් වෙනුවෙන් උපහාර පිදීම සිදු කෙරුනත් පසුව එය සමස්ත “පිරිමි දිනය“ ලෙස රුසියාව පුරා උත්සවාකාරයෙන් සැමරීමට ලක් වේ. (මාර්තු 8 වන දින කාන්තා දිනය සැමරීම, පෙබරවාරී 23 පිරිමි දිනය ලෙස සැමරීට තවත් එක් හේතුවක් වන බව ද කියවෙයි). අදටද රුසියාවේ සෑම පිරිමියකුට ම අවම වසරක හමුදා පුහුණුවඅනිවාර්ය වන්නේ ඕනෑම සතරු උපද්රිවයක දී සමස්ත ජාතිය ම සූදානම් කර තැබීමේ අරමුනිණි. එම නිසා වැඩුණු සෑම පිරිමියෙක් ම මෙම දිනයේ දී ගෞරවයට ලක් වෙයි.රුසියානු ජනාධිපතිවරයාගේ ප්රනධානත්වයෙන් රුසියාවේ මොස්කව් නගරයේ රතු චතුරශ්රකයේ සාම්ප්රුධායික ප්රණධාන උත්සවය වාර්ෂික ව සිදු කෙරෙයි.
මෙම දිනයේදී කාන්තාවන් විසින් තම පියාට, ස්වාමියාට‍/පෙම්වතාට, සහෝදරයාට හා ලබැදි මිතුරන්ට ත්යාවග හා සිහිවටන ලබා දෙනු ලැබෙයි. එමෙන් ම තම රුකියා ස්තානයේ සිටින පුරුෂයන්ට කාන්තා පාර්ෂවය එක් ව දිවා ආහාර වේලක් හො තේ පැන් සංග්ර.හයක් සමග ත්යාිග හා සිහිවටන ලබාදීම ද අනිවාර්යයෙන් සිදුවන්නකි. රුසියානු මහාචාර්ය යෙලේනා වැලිදීමිරොව්නා පැවසූ පරිදි පුරුෂයන් ඉතිහාසය පුරාම ජීවිතය පරදුවට තබා දරුවන් කාන්තාවන් හා පීතෘ භූමිය සෑම උපද්ර්වයකින් ම ආරක්ෂා කළ බැවින් රුසියානු ජනවිඥ්ඥානය තුළ පුරුෂයන් කෙරෙහි ඇති ගෞරවය හා භක්තිය මෙම දිනය සැමරීමේ පොදු පරමාර්ථය වන බවයි.
රුසියානු භාෂාවෙන් තම රට පීතෘ භූමිය (සිංහලයේ දී මාතෘ භූමිය) ලෙස නම් වීම ද රුසියානු විඥ්ඥානයේ ඇති පුරුෂ ගෞරවය පැහැදිලි වන්නකි.


වස්කඩුවේ සිරි සරණ හිමි
සහකාර පර්යේෂක
දකුණු යූරල් රාජ්ය විශ්ව විද්යාිලය, රුසියාව

වස්කඩුවේ සිරි සරණ හිමි
සහකාර පර්යේෂක
දකුණු යූරල් රාජ්ය විශ්ව විද්යාිලය, රුසියාව
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්