නවතම පුවත්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජය ගනිමින් ශ්‍රී ලංකා පිළ ඓතිහාසික ජයක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (23) සමත් වුවා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජය කරන ලද පළමු ආසියානු රට ලෙසයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාවේදී වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයද මෙය වනවා.

ලකුණු 197 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ (22) දිනයේදී තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 60 ක් ලබා සිටියා. අද දිනයේ දී තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137 ක් පමණි.

තරග කිහිපයකදී ආසාර්ථක භාවයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් (84) සිය වගකීම කරට ගනිමින් ඕෂද ප්‍රනාන්දු (75) සමග එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් නොබිදිනු ලකුණු 163 ක සම්බන්ධතාවක් පැවැත්වුවා.

තරගයේ විස්තර විචාරයේ යෙදුනු ජාත්‍යන්තර විස්තර විචාරකයින් කියා සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබදව අවතක්සේරුවට ලක් කිරීම ඔවුන්ගේ පරාජයට හේතුවූ බවයි. එමෙන්ම විශ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය වැනි නවක ක්‍රීඩකයින් ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පිල පසුගිය නවසිලන්ත හා ඔස්ට්‍රේලියා සංචාරයන් හිදී ලද පරාජයන් සමග මේ වන විට දක්වන දක්ෂතා සම්බන්ධයෙන් තමන් විමතියට පත්වන බව කියා සිටියා.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !