පැතුම් වික්‍රමරත්න
බස්නාහිර හා වයඹ පළාත්වලත්, මන්නාරම, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී..
ඒඅනුව මෙම උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දෛනික වැඩ කටයුතු සැලසුම් කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
අධික උණුසුම හේතුවෙන් ඇති වන රෝගී තත්වයන්ගෙන් මිදීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙ.