අද දිනයේ කොරෝනා ආසාදිතයන් 2,845 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 856 දෙනෙකු අද (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,845ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 189,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,631ක් සුවය ලබා පිටව යෑමත් සමග සුවය ලැබු සමස්තය 156,371ක් ලෙස වාර්තා විය.