නවතම පුවත්

අද පනත එද්දී ඛනිජතෙල් සේවකයෝ ලෙඩවෙති

අසංක

අසංක

රටපුරා ඛනිජ තෙල් සේවකයෝ සියලු දෙනාම අද(18) දිනයේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වළකින බව ඛනිජතෙල් පොදු සේවක සංගමය පවසයි.

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය පළකරමිනි.

ඛනිජතෙල් පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ඛනිජතෙල් ශාඛාව), පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ආදී ඛනිජතෙල් වෘත්තිය සංගම් ඊයේ මීට විරෝධය පළ කළ අතර ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර බහුජාතික සමාගම්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් ගබඩා පර්යන්තය මෙමගින් ඈවර වන බවත් මෙමගින් ඉදිරියේදී තෙල් මිල ද කිහිප ගුණයකින් ඉහළ යාමේ අවදානම පවතින බවයි.

එබැවින් මෙම පනත හකුලා ගන්නා ලෙසත්, සාකච්ඡාවකට තමන් කැඳවන ලෙසත් ඛනිජ තෙල් සංගම් රජයෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ “ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෛනවා. කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කරමින් සේවා කඩාකප්පල් කරන බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය සහ විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබනවා” ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්