නවතම පුවත්

මෙවර බුකර් සම්මානය ලාංකිකයකුට

අසංක

අසංක

ශ්‍රී ලාංකේය ලේඛක ශෙහාන් කරුණාතිලක විසින් ලියන ලද The Seven moons of Maali Almeida නම් නවකතාවට ලොව කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීම්වලින් එකක් වන බුකර් සම්මානය හිමිවී තිබේ.

බුකර් සම්මානය යනු ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙස හැඳින්වේ.

දශක 3කට අධික කාලයක් පුරා පැවති ශ්‍රී ලංකාවේ රටේ සිවිල් යුද්ධයේ කම්පනය විමසුමට ලක්කරමින් ඔහුගේ මෙම දෙවන නවකතාවට පාදක වී තිබේ

මීට පෙර ශ්‍රී ලංකාවේ ඉපදී මෙරට ළමා අවධිය ගතකොට පසුව විදෙස්ගතවූ ලෝ ප්‍රකට නවකතාකරුවකු වන මයිකල් ඔන්ඩාච්චිට ද මෙම සම්මානය හිමිව තිබුණි.

ෂෙහාන් කරුණාතිලක මහතා සම්මානය ලබාගැනීමෙන් පසුව වේදිකාවේදී සිය අදහස් දැක්වීම අවසානයේදී “මට ශ්‍රී ලංකාවට මෙන්න මේක කියන්න ඉඩදෙන්න. මේ පොත මං ඕගොල්ලන්ට ලිව්වෙ. රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්. ලගදි අපි නැමිබියාවට පැරදුනා ඒකට කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක විඳින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැන් අපි කොහොමහරි ලෝක T20 කුසලානය දිනා ගමු ඇයි බැරි?.. නන්රි Thank you ස්තූතියි ජයවේවා!” යනුවෙන් ද පැවසීය

‘The Seven Moons of Maali Almeida’ යනු මෙම වසරේ බුකර් විනිසුරුවන් විසින් පිළිගත් දේශපාලන උපහාස කතා කිහිපයෙන් එකකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්