නවතම පුවත්

අද ප්‍රවේශම් වෙන්න සිරුරට අහිතකර ලෙස උෂ්ණත්වය ඉහළ යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනේ වයඹ, බස්නාහිර පළාත් මෙන්ම මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර මට්ටමට අද (28 වැනිදා) ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ ඊයේ (27 වැනිදා) නිවේදනය කළේය.

ඒ අනුව අද (28 වැනිදා) දිනයේද දැඩි උණුසුමක් වාර්තාවනු ඇති අතර එය සෙල්සියස් අංශක 32 ත්, 41 ත් අතර අගයක් ගනු ඇත.

මේ අතර දිවයිනට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආබාධවලින් වැළකීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් මාලාවක්ද ඉදිරිපත් කර තිබේ.

මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ලක් වූ පුද්ගලයන් රෝහල්ගත වීමක්ද දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය පියංකර ජයවර්ධන මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය. මේ නිසා වෙනදාට වඩා ජලය පානය කළ යුතු බවත්, කුඩා දරුවන් සහ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් විශේෂයෙන් අව්වට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවත් හෙතෙම අවදාරණය කරයි. දහවල් 11ත්, 3 ත් අතර කාලය ළමයින් මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ද හිරු එළියට නිරාවරණය නොවන්නේ නම් යහපත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්