නවතම පුවත්

අද පැය 16 ක් ජලය අත්හිටුවන ප්‍රදේශ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සපුගස්කන්ද විදුලි උප පොළෙ හි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව හෙට (20) පෙරවරු 08.00 සිට රාත්‍රී  12.00 දක්වා පැය 16ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්