අද සවස 02 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්වයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සවස 2 න් පසු දිවයිනේ බො‍හෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු , ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 75 වැඩි තරමක් තද වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ඇති විය හැකි අත​ර සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.