අද සුළං සැරයි ප්‍රවේශමෙන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින හරහා සුළඟේ වේගය පැ.කි.මී. 50 දක්වා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩිවීමේ හැකියාවක් අද(31) පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.  

දිවයිනේ සෙසු  ප්‍රදේශවල  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.

නැගෙනහිර මුහුදු  ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.   

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල  සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 35-45 පමණ වේ.  

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
   
මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.