නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා නව අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට රජය කටයුතු යොදා ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම බලකාය පිහිටුවීමට පියවර ගත බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී.
දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ගොඩනැගීම සදහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා ලබාගැනීම අධ්‍යාපන කාර්ය සාධන බලකායේ අරමුණ වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර සිටී