නවතම පුවත්

රජයේ වැඩපිළිවෙළ ජගත් සංවිධානය අගයයි

අසංක

අසංක

දිලිදුකම පිටුදැකීම වෙනුවෙන් වත්මන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළ අගය කල යුතු මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජාවකදී ජගත් සංවිධාන නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය මේ බව සඳහන් කර ඇත.

දිලිදුබව පිටුදැකීම,පිළිබඳව මෙන්ම කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන් වූවන් පිළිබද ගැටලුව, කළමනාකරණය ඇතුළු ගැටලු ගණනාවක් මෙහිදී අවධානය යොමුකෙරුණු බවද ජගත් සංවිධානය නිවේදනය කර සිටී.


අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාදීමටද ජගත් සංවිධාන නියෝජිතවරිය මෙහිදී පොරොන්දුවිය .

අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැළසුම්කර ඇති බවද ජනාධිපතිවරයා නෙහිදී සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්