නවතම පුවත්

අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප්‍රතිපත්තියක් – ජනපති තීන්දු කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ  ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

එහිදි ජනාධිපතිවරයාගේ තිරණ අතර පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

* උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වු වහාම විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම.

* පුරප්පාඩු ඇති ආයතන සොයා බලා රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුවක්ද සමඟින් ඒවා සඳහා බඳවා ගැනීම

* රටට සහ ආර්ථිකයට ගැලපෙන පරිදි ශ්‍රම බළකායක් බිහිකිරීම සහ ඊට ඉවහල් වන විෂය නිර්දේශයන් සකස් කිරීම

* උසස් පෙළ සමත් සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම

* තොරතුරු තාක්ෂණ විෂයට ප්‍රමුඛතාවයක් ලබාදීම.

තාක්ෂණය මුල්වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතුය. එහිදී විභාගය කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති ඉසිළිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය  කළේය.

එහිදී  රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමුකිරිමේ  ඇති වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා  විරහිත උපාධිධාරින් පුරප්පාඩු ඇති ආයතනවලට ගැළපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරිමට කඩිනමින් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

2018 වසරේ උසස්පෙළ සමත් දරුවන් හැකි ඉක්මණින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීමට පියවර ගත යුතුව ඇත. එමෙන්ම 2019 වසරේ සිට උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත් වී කෙටිකාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උසස් පෙළ සමත් සැම දරුවකුටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුව තිබේ. එමෙන්ම කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රමබලකාය බිහිකිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරිම පිළිබඳව ද මෙහිදී  අවධානය යොමු විය.

රැකියා  වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළයුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගාසිටුවීමට ක්‍රියා කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කිරිමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට  ලක්විය. ඒ සඳහා විශාල භූමිභාගයන්හි පිහිටා ඇති ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතුව තිබේ. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අය කෙටිකාලයකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික ක්‍රියාවලියට එක්කර ගැනීමද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු රට තුළදිම ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. ගුරු හිඟය පියවීමට පියවර ගැනීමටත්, පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නො කර අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාමට ක්‍රියා කළ යුතුය

අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප්‍රතිපත්තියක් සකස් කටයුතු බව ද මෙහිදී සාකච්ඡාවට  ගැනිණි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්