නවතම පුවත්

අධික ශීතල නිසා ඇමෙරිකාවේ කැනඩාවේ ජපානයේ 70ක් මරුට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආක්ටික් කුණාටුව හේතුවෙන් අමෙරිකාවට බලපා ඇති අධික හිම පතනය හා ශීත කාලගුණය හමුවේ එරට ප්‍රාන්ත කිහිපයක ජන ජීවිතය සම්පූර්ණයෙන් පාහේ අඩාල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තා පැවසුවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයට හිම පතනයෙන් හා ශීත කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. අධික ශීත කාලගුණය හමුවේ බෆලෝ නගරයේ පමණක් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

එම ප්‍රාන්තයේ නිවාස හා රථවාහන සම්පූර්ණයෙන් හිමෙන් වැසී ගොස් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් දින ගණනක් පුරා නිවෙස් තුළට වී පිටතට පැමිණීය නොහැකිව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඇතැම් පුද්ගලයින් සිය මෝටර් රථ තුළ දින 02 ක පමණ කාලයක් සිරවී සිටියදී සොයා ගැනුණු බව ද අමෙරිකානු බලධාරීන් සඳහන් කළා. අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට අගල් 40 ක් හෝ 18 ක ප්‍රමාණයක් දක්වා හිම පතිත වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පවතින තත්ත්වය අනුව නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ප්‍රාන්ත බලධාරීන් දිගින් දිගටම අමෙරිකානු වැසියන්ට දැනුම් දෙනවා.

හිම පතනය හා අධික ශීත කාලගුණය හේතුවෙන්, කැනඩාවේ සිට අමෙරිකාව දක්වා මෙන්ම මෙක්සිකෝ දේශසීමාව දක්වා ප්‍රදේශය තුළ මේවනවිට පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ජපානයට ද මේවනවිට අධික ශීත කාලගුණයක බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ උතුරු දිග ජපානයටයි. ජපානයේ ඇතැම් නගරවලට අඩි 02 ක පමණ ප්‍රමාණයකට හිම පතනය වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වයස අවුරුදු 70 ක කාන්තාවක් සිය නිවසේ වහලයෙන් ඇද වැටී හිමවලට යටවීමෙන් මියයාමේ පුවතක් ද ජපානයෙන් වාර්තා වුණා. ජපානයට බලපා ඇති ශීත කාලගුණය හමුවේ පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 90 කට අධික පිරිසක් විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්