නවතම පුවත්

විදුලි බිල වැඩිකරන්නම වෙනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනවාරි මාසයේ 05,09 සහ 13 යන දිනවලදී ගල් අඟුරු නෞකා 03ක් මෙරටට ලඟා වන බවත් එළඹෙන මාසය තුලදී ගල් අඟුරු නෞකා 07ක් ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

මෙම ගල් අඟුරු නෞකා පසුගිය සමයේ සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉතිරිව තිබු නෞකාවන් ගෙන් මෙම ගල් අඟුරු සපයා ගැනීම සිදුකරන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ලබන වසරේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් විදුලිබිල වැඩි කිරීම අනිවාර්ය වන බවත් එසේ බිල වැඩි නොකොර සිටීමට සිදුවූහොත් රටේ ජනතාවට දෛනිකව පැය කිහිපයක විදුලි කප්පාදුවක් සහිත ජීවන රටාවකට හැඩ ගැසීමට සිදුවන බවයි විදුලිබල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නගමින් අමාත්‍යවරයා ගෙන් විමසා සිටියේ විදුලි ඉංජිනේරුවන් විසින් පවසන ආකාරයට ලබන වසරේ පැය 08ක විදුලි කප්පාදුවක් සිදුවේද යන්නයි ? ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල වැඩි නොකලොත් එම ඉංජිනේරුවන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුවනු ඇති බවයි.

විදුලි බිල වැඩිකිරීම සිදුකරනු ලබන්නේ පසුගිය කාල සිමාවේ සිදුවූ පාඩු අයකර ගැනීමට නොවන බව පැවසූ අමාත්‍යවරයා 2023 වර්ෂයේ විදුලි ජනනය සඳහා වැයවන මුදල පියවා ගැනීම මින් අදහස් කරන බවයි ඔහු සඳහන් කර සිටියේ. 

ඉදිරියේදී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනයේදී අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සෘජු මුදල් ආධාරයක් ලබාදීමට අදාළ අංශ සමග සාකච්ජා සිදුකරන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ආගමික සිද්ධස්ථාන සහ කර්මාන්තශාලා සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනයන් ගැන අදාළ වගකිවයුතු අංශ සමග සාකච්ජා කරනු ලබන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ලබන වසරේදී විදුලි බිලේ වැඩි කිරීම 60-65% ක පමණ අගයකින් වනු ඇති බවට මේ වන විට උපකල්පනය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්