නවතම පුවත්

අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” විශේෂ බලකා විසිර යෑම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක – 49 යටතේ “අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරීව ‘නිර්භිතව ඉලක්කය කරා ළඟාවීමට කැපවන’ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22) දින උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

මෙම විසිරයාමේ උත්සවයට ගෞරවයක් සහ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහභාගි විය.

පුරා මාස නවයක් පැවැති ඉතා දුෂ්කර මෙම පුහුණු පාඨමාලාවට යුද උපක්‍රම, සතුරා පිටුපස ලුහුබැඳිම, රහසිගත කුඩා මෙහෙයුම් සිදුකිරීම, සතුරු කඳවුරු වෙත ඇතුළුවීම, දින ගණනක් කැලෑවල ජීවත්වීම ආදී අද්විතීය ලෙස නිර්මාණය කරන ලද පුහුණු ක්‍රමවේදයන් ඇතුලත් වේ. ත‍්‍රස්තවාදීන් විසින් වඩාත්ම බියට පත්වන යුද්ධ හමුදාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව දිගු දුර මෙහෙයුම් (LRRP), නගරබද සටන්, ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සහ ත්‍රස්ත විරෝධී යුද උපක්‍රම, ප්‍රභූ ආරක්‍ෂාව මෙන්ම ගුවන් හා මුහුදු යාත්‍රා මෙහෙයුම් ආදී නිපුණතා වලින් සමන්විත වේ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි පැවැති අවසන් මානුෂීය මෙහෙයුම්වලදී විශේෂ බලකා සෙබළුන් කුඩා කණ්ඩායම් වශයෙන් සතුරු භූමිය තුළට ඇතුළුවී කිලෝමීටර් 30 ත් 50 ත් අතර ඉලක්ක පවා ලබාගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබුණි. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගාමිණි හෙට්ටිආරච්චි වර්ෂ 1985 දී මෙම අද්විතීය ඒකකය ඇති කිරීමට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.

මෙම විශේෂ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න හට පිරිනැමීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඩබ්ලිව්. පතිරණ සමඟින් සම්මාන අචාර පෙළපාලිය පරික්‍ෂා කරන ලදී. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රධාන දොරටුව අභියස දී විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපතිතුමන් සමගින් විශේෂ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, පාඨමාලාව සාර්ථකව අවසන් කල සෙබළුන් වෙත පලඳවන විශේෂ බලකා ලාංඡන ගුවනින් රැගෙන එන ලදී. අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කල සෙබළුන් වෙත විශේෂ බලකා ලාංඡන වර්ණ පැළඳවීම සිදුකරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් ද අනෙකුත් සෙබළුන්ට විශේෂ බලකා ලාංඡන පැළඳ විය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාඨමාලා අංක 49 හී දක්‍ෂතා දැක්වූවන්ට සම්මාන හා සහතිකපත් පිරීනැමීය. එහිදී, පාඨමාලාවේ සෑම අතින්ම අතිශුර සෙබළා ලෙස දෙවන ලුතිතන් එම්.ඒ.ඩි. වුඩ්වර්ඩ් කුසලාන සහ සහතිකපත් හිමිකරගත් අතර පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබළා ලෙස ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එස්. ශීරන්ත ද පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ලාන්ස් කෝප්‍රල් ඊ.වී.ඩි. සෝමසිරි ද ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් කුසලාන සහ සහතිකපත් ලබාගත්හ.

මෙහිදී පැමිණ සිටි සියලුදෙනා විනෝදාස්වාදයට පත් කරමින් විශේෂ බලකා සෙබළුන් විසින් ඉදිරිපත් කල පැරෂුට් සංදර්ශනය, ගුවන් කරණම්, නිරායුධ සටන්, ටයිකොන්ඩෝ සංදර්ශනය, නාගරික සටන් සංදර්ශන හා විශේෂ බලකා රණකාමිත්වය විදහාපාන නගරබද සටන් සංදර්ශනයත් සමඟ මෙම උත්සව කටයුතු නිමාවට පත්විය.

මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කෙටි දේශනයක් පවත්වමින් බාධක නොතකා සෑමවිටම විනය ඉහළ මට්ටමක පවත්වාගැනීමේ වැදගත්කම විසිරයන සෙබළුන් හට මතක් කර දුන්නේය. තවද, ප්‍රධාන ආරාධිත අමුත්තා රට වෙනුවෙන් දිවිපිදු, ආබාධිත සහ සේවයේ නියුතු සියලුම වි‍ශේෂ බලකා සාමාජිකයින්ට විශේෂ උපහාරයක් පිරිනැමූ අතර විශේෂ රෙජිමේන්තුවක් වන විශේෂ බලකායට සම්බන්ධවීමේ ගෞරවය හා අභිමානය පෙන්වා දුන්නේය.

පාඨමාලාවේ සෙබළුන් විසින් විශේෂ බලකායේ ඉතිහාසය පිළිබඳව වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කල අතර එම අවස්ථාව යුද්ධ හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමකින් වර්ණවත් කළහ. මෙම අවස්ථාවට සපැමිණි අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න ඔසු උයන වෙත කැඳවාගෙන ගිය අතර එහිදි, මෙම අවස්ථාව සංකේතවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පැළයක් ද රෝපණය කරනු ලැබීය. එතුමන්, පාඨමාලාව සඳහා සහභාගී වූ සෙබළුන්ගේ දෙමාපියන් සමඟ ද සුහදව සාකච්ඡා කල අතර ඔවුන්ගේ සුභසාධනය කටයුතු පිළිබඳව ද විමසන ලදී.

මෙම විසිරයාමේ උත්සවය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින් මෙන්ම විසිර ගිය විශේෂ බලකා සෙබළුන්ගේ දෙමාපියන් සහ ඥාති හිත මිත්‍රාදීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්