නවතම පුවත්

ජනපති-අගමැති ඉල්ලා අස්වන්නැයි ඉල්ලා ජන රැළියක්

අසංක

අසංක

“ප්‍රජාතන්ත්‍රවාදී , සදාචාරාත්මක නීතිගරුක අනාගතයක් උදෙසා ” යන තේමාව මූලික කරගත් විශේෂ විරෝධතාවක් හා ජනරැළියක් ඊයේ (22) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්වින

සිවිල් පුරවැසි සංවිධාන රාශියක එකමුතුවෙන් , මෙම විරෝධතාව හා ජනරැලිය පැවැත්වුණු අතර ,දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

පාස්කු දින ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ට ගෞරවය දැක්වීම හා අනුස්මරණය කිරීමද මෙම ජනරැලියේ ප්‍රධාන අංගයක් විය.

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්භන්ධව ජාන්ධිපතිවරයා හා අගමැතිවරයා වගකිවයුතු බවත් ඒ අනුව ඔවුන් දෙදෙනා ඉල්ලා අස්විය යුතු යන්නත් , මෙම ජනරැලියේ ප්‍රධාන සටන් පාඨයන් අතර විය .

එසේම ජාතික ආරක්ෂාව , ප්‍රජාත්නත්‍රවාදය සංහිදියාව යහපාලනය විහිලුවකටත් නින්දාවකටත් පත් කරමින් රටේ ආර්ථිකය විනාශ කරමින් තම නොහැකියාව පෙන්වූ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවටද මෙම සිවිල් සංවිධාන මෙහිදී බලකර සිටියහ .

මෙහිදී ජනරලියේ හා විරෝධතාවේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රශාන් ඩී වයිසර් මහතා සඳහන් කලේ , අන්තවාදයට හා ත්‍රස්තවාදයට උදව් කරමින් ජනතාව තුල බිය හා වෛරය පැතිරවීමට ක්‍රියාකළ දේශපාලකයින්ට එරෙහිව ඉක්මන් හා දැඩි පියවර ගැනීමටද මෙම පුරවැසි සංවිධාන රජයට බල කර සිටින බවයි.

මෙම විරෝධතාව හා ජනරැලිය කිසිම දේශපාලන පක්‍ෂයකට සම්භන්ධ නැහැ. අපි ස්වාධීනයි. ඉදිරි මැතිවරණ වලදී නැවතත් දේශපාලකයින්ගේ ගැට වලට අසුනොවී අවංක , පිරිසිදු , දේශ සේවය වෙනුවෙන් කැපවන නායකයින් පාර්ලිමේන්තුවට යවන්න කියා අප ජනතාවට යෝජනා කරනවා.” යයිද ඩි වයිසර් මහතා පවසීය.

නැගිටිමු ශ්‍රී ලංකා, එක්වෙමු ශ්‍රී ලංකා , දේශෝදය, මොන්ලාර්, හෑෂ් ජෙනරේෂන්, ඉමේජ් ඇතුළු සිවිල් සංවිධාන මෙම ජනරැලියට එක්ව සිටියහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි