නවතම පුවත්

අනපේක්ෂිත ලෙස රට තුළ ආයෙත් කොවිඩ් ඉහළට

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට බලාපොරොත්තු නොවු ලෙස කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හේමන්ත හේරත් මහතා,මෙසේද පැවසීය

“මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී සෞඛ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ දී මෙය දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. මෙහිදී අපිට අවධාරණය වුණේ, අහඹු පරීක්ෂණ වැඩි වැඩියෙන් කිරීමේ අවශ්‍යතාවය. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් ම රෝහල් ආශ්‍රිතව රෝග ලක්ෂණ සහිතව පැමිණෙන සියලුදෙනා ම කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු හඳුනාගත්තත් නොගත්තත් කැස්ස, හෙම්බිරිසාව වැනි රෝග ලක්ෂණ සමග පැමිණෙන සෑම පුද්ගලයෙකු ම කොවිඩ් රෝගීන් ලෙස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තෝරාගත් ස්ථානවල අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ වැඩපිළිවෙල දිගින් දිගටම ව්‍යාප්ත කිරීම සිද්ධවෙනවා. මේ මොහොත වෙනකොටත් මම හිතනවා යම් යම් ප්‍රදේශවල අපි බලාපොරොත්තු නොවුන ප්‍රමාණයට රෝගීන් වැඩිවීමක් දැකලා තියෙනවා. විශේෂයෙන් ඒ ගැන අවදානය යොමුකිරීම වැදගත් වෙනවා. සියලුදෙනා ම ඒ ගැන වගකීමෙන් කටයුතු කළ යුතුයි. “

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්