නවතම පුවත්

ලංකාවේ තවත් බලවතෙක් ගැන පැන්ඩෝරා හෙළිදරව්වක්

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් අක්වෙරළ මුල්‍ය සමාගම්වල ධනය සැඟවූ ‍ශ්‍රී ලංකාවේ තවත් බලවතකු පිළිබඳ අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් අනාවරණය කර ඇති මෙරට අලුත් power player ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ කිහිපදෙනකුගේ සහ අගමැතිවරයෙකුගේ එවකට උපදේශකයෙකු වන රාමලිංගම් පාස්කරලිංගම් ය.

කාන්දු වූ ලිපිගොනු හෙළි කර ඇත්තේ ඩොලර් මිලියන ගණනක වටිනාකමැති අක්වෙරළ මුල්‍ය සමාගම්වල සහ විදේශ ඉඩම්වල තොරතුරු පිළිබඳව ය . ශ්‍රී ලාංකිකයන් මේ වනිවිට අතිශය ආර්ථික හදිසි අවස්ථාවක් සමඟ පොරබදමින් සිටින අවස්ථාවක මෙම සොයාගැනීම් සිදුවූ බව විශේෂඥයින් පැවසූයේ යැයි ICIJ සිහිපත් කරයි.

රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ. 1993 දී ඝාතනයට ලක් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේත්, පසුව භාරකාර ජනාධිපති ඩී.බී. විජේතුංග යටතේත් 1989 සිට 1994 දක්වා පාස්කරලිංගම් මෙරට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළේය.

මේ වනවිට 80 වැනි විය ඉක්මවමින් සිටින, පාස්කරලිගම් මෙරට තුළ ජනප්‍රියව සිටියේ තාර්කික, වෙහෙස මහන්සි වී වැඩ කරන, ‘ඇදහිය නොහැකි තරම් කාර්යක්ෂම’ සහ ‘ප්‍රේමදාසගේ රජයේ ඕනෑම ඇමතිවරයෙකුට වඩා නිසැකවම බලවත්’ අයකු ලෛසටයි.

පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දැරුවේ ‘යහපාලන’ ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙසය. ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 මාර්තු මාසයේදී ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි කළේය.

පාස්කරලිිංගම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 34ක කාලයක් සේවය කර ඇති අතර නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ ද කටයුතු කර ඇත. ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන ඔහු වසර 17ක් කාලයක් විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇත.

පැන්ඩෝරා වාර්තාවේ දැක්වෙන්නේ 1997 දී රජයේ කොමිෂන් සභාවක් විසින් පාස්කරලිංගම් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනෙකු තම බලය අයුතු ලෙස භාවිත කර හිතවත් සමාගම්වලට කොන්ත්‍රාත්තු ලබා දී විදේශ ආධාර සාක්කුවට දමාගෙන ඇති බවය. ඒ බව ඔවුන් උපුටා දක්වා ඇත්තේ මෙරට මාධ්‍ය වාර්තා ද උපුටා ගනිමිනි. 1994 දී එක්සත් රාජධානියට ගිය පාස්කරලිංගම් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. මෙරට මාධ්‍යවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තාක්ෂණික හේතු මත කොමිසමේ සොයාගැනීම් අවලංගු කළ බව ද පැන‍්ඩෝරා වාර්තාවේ දැක්වේ.

2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත. 2012 දී, පාස්කරලිංගම් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල භාරයක් පිහිටුවීය. සංස්ථාගත ලේඛනවලට අනුව ඔහුගේ රැකියාව ‘විශ්‍රාමික’ ලෙස සටහන් කර ඇත. ඔහු තමා සහ ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ප්‍රතිලාභීන් ලෙස ලැයිස්තුගත කළ බව පැන්ඩෝරා වාර්තාවේ සඳහන් ය.

මෙම භාරයට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගමක් සහ සිංගප්පූරු සමාගමක් ද හිමි අතර කොළඹ පිහිටි Horizon College of Business and Technology, පෞද්ගලික පාසලේ කොටස් ද හිමි බව වාර්තාවේ දැක්වේ.

ICIJ හි ‘විකිණීම සඳහා රහස්‍යභාවය’ යන විමර්ශනය මගින් ඊළඟ වසරේ දී සිංගප්පූරු සැපයුම්කරුවෙකුගේ අක්වෙරළ ව්‍යාපාරය හෙළිදරව් කිරීමෙන් පසුව, පාස්කරලිංගම් මෙම භාරය වසා දැමූ බව වාර්තාව පෙන්වා දෙයි. රහසිගත ඊමේල් වලට අනුව, ඔහු කිසිදු සැලසුමක් නොමැතිව වහාම එය අතහැර තිබුණි. ඔහු පසුව ඔහුගේ පුතා සහ බෑණනුවන් සඳහා BVI හි අලුත් එකක් නිර්මාණය කර ඇත්තේ ද නිසි අනුප්‍රාප්තික සැලසුම්කින් ද තොරවය.

2014 දී, භාරය අධීක්‍ෂණය කරන සපයන්නා වන ට්‍රයිඩන්ට් ට්‍රස්ට් හි නිලධාරීන්, පාස්කරලිංගම්ගේ උපදේශකයින් සමඟ රහසිගත විද්‍යුත් තැපෑලෙන් කනස්සල්ල පළ කර ඇති අතර එය මුලින් විද්‍යාලයේ ආයෝජනය කිරීමට ඩොලර් ලක්ෂයක් ඉල්ලා සිටි අතර පසුව “පුද්ගලික වියදම්” ලෙස ලේබල් කරන ලදී. 2015 දී, පාස්කරලිංගම් ට්‍රයිඩන්ට් ට්‍රස්ට් වෙත උපදෙස් දී ඇත්තේ ඉහත භාරයෙන් ඩොලර් මිලියන 2.6ක් ඔහුට මාරු කරන ලෙසයි, එවිට ඔහුට ඔහුගේ පවුල ජීවත් වූ එක්සත් රාජධානියේ දේපලක ආයෝජනය කළ හැකිය. ඊළඟ වසරේ පාස්කරලිංගම් භාරය වසා දැමීය. රහස්‍ය විද්‍යුත් තැපෑලට අනුව පාසලේ වක්‍ර ආයෝජනය කර ඇති BVI සමාගමේ කොටස් ඔහුට පවරා ඇත.

ICIJ විසින් නැවත නැවතත් මේ පිළිබඳ අදහස් දැක්වීමට කරන ලද ඉල්ලීම් වලට පාස්කරලිංගම් ප්‍රතිචාර දැක්වූයේ නැති බව ද පැන්ඩෝරා වාර්තාවේ සඳහන් ය.

Horizon College of Business and Technology (HCBT) හි සභාපති උපුල් දරණගම ICIJ වෙත පවසා ඇත්තේ පාස්කරලිංගම් විසින් 2008 වසරේ පාසල ආරම්භ කිරීමට මුදල් යෙදවූයේ ඔහු රජයේ තනතුරක් දරන්නේ නැති කාලයේදී බවය. ‘ඔහුම තමාගේ ධනය එහි ආයෝජනය කළා’ දරණගම පවසා ඇත. ඔහුගේ සිංගප්පූරු සමාගම වන ශාන්ත ජෝන් ඉන්වෙස්ට්මන්ට් හරහා, ඔහුට තවමත් හොරයිසන් විද්‍යාලයෙ හි 80% හිමිව ඇති නමුත් ඔහු කිසි විටෙකත් පාසලේ ව්‍යාපාර සහ පරිපාලනයට සම්බන්ධ වී නොමැති බව දරණගම පවසා ඇත. පාස්කරලිංගම්ගේ විදේශ සමාගම්වලට පාසලෙන් මුදල් මාරු කර නොමැති බවද දරණගම මහතා පැවසීය. ‘අපි කොළඹින් එක සතයක්වත් ප්‍රේෂණය කළේ නැහැ. මොකද ඔහුගේ අරමුණ ඇත්තටම මුදල් ඉපයීම නෙවෙයි,’ දරණගම පැවසූ බව පැන්ඩෝරා වාර්තාවේ දැක්වේ.

Pandora Papers මගින් අනාවරණයය කර ඇත්තේ ඒ ඒ රටවල බදුආදායම් මගහැරීමට හැකි පරිදිි ධනවතුන්ට සියය වත්කම සැඟවීම වෙනුවෙන්ම සකස් කරන ලද අක්වෙරළ සමාගම් 14ක කාන්දු වූ ලිපිගොනු විශ්ලේෂණයකි. මෙම තොරතුරු විශ්ලේ්ෂණයේදී ICIJ හි ශ්‍රී ලංකාවේ සහායකයා බව කියන මෙරට සන්ඩේ ටයිම්ස් පුවත් වෙතින් ද සහාය ලබාගත් බව එම සාමූහිකය පවසයි. මෙලෙස ඩොලර් මිිලියන ගණනින් වත්කමු අක්වෙරළ සමාගම් තුළ සැඟවූ ලෝක ධනවතුන්, දේශපාලයන්, ප්‍රභූන් මෙම වාර්ත‍ාවේ පොදු නාමයක් ලෙසින් හඳුන්වන්නේ power players ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්