නවතම පුවත්

අසල්වැසි රාජ්‍ය සමග යුධ ගැටුම් ඇතිකරගන්න, කිසිදු අදහසක් නැහැ – රුසියාව අවධාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේනය සමග යුධ ගැටුම් ඇතිකරගැනීමට රුසියාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් , එවැනි යුධමය තත්වයක් මතුවෙමින් ඇති බවට බටහිර මාධ්‍යයන් ගෙන යන  ප්‍රචාරණයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් , මෙරට රුසියානු තානාපති යූරි මටේරි (Yury B. Materiy) මහතා , අවධාරණය කර සිටී .

හෙට (10) දිනට යෙදී ඇති රුසියානු රාජ්‍යතාන්ත්‍රික දිනය නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත්කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත .

යුක්‍රේනය හා සම්භන්ධ අදාළ  සිදුවීම් කෘතීමව උත්සන්නකර හුවා දැක්වීමට බටහිර මාධ්‍ය උත්සාහ කරන බවද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත .

කිසිදු රාජ්‍යයක් සමග යුධ ගැටුමකට නොයන බව රුසියානු රාජ්‍ය නායකයින් ,  නිලධාරීන්   පැහැදිලිවම  ප්‍රකාශ කර ඇති බවත් , විශේෂයෙන්ම අසල්වැසි රාජ්‍යයන් සමග යුධ ගැටුම් ඇති කරගැනීම , රුසියාව කිසිසේත්ම අනුමත නොකරන අදහසක් බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

 

.රුසියානු රාජ්‍යතාන්ත්‍රික දිනය නිමිත්තෙන් තානාපතිවරයා නිකුත් කල සම්පූර්ණ නිවේදනය මෙතනින් 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්