නවතම පුවත්

අන්තර්ජාලයෙන් දැරියක ගණිකා සේවයට ගත් මිහින්තලේ ප්‍රා.සභා උප සභාපති සහ ප්‍රකට ව්‍යාපාරිකයනුත් දැලේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* මව ඇතුළු 21ක් අත්අඩංගුවට

දම්පත් රණසිංහ

අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාර දැරියක ලිිංගික සේවය සදහා අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ ව්‍යපාරිකයින් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

පහලොස් හැවිරිදි මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික අපචාරයට ලක්කිරීම සම්බන්දයෙන් ඔහු ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම සිද්ධියට අදාළව තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

ඒ එක් ව්‍යාපාරිකයෙක් බලංගොඩ පදිංචිකරුවෙක් වන මැණික් ව්‍යාපාරිකයෙකි. අනෙත් ව්‍යපාරිකයා හොරණ පදිංචි ප්‍රසිද්ධ වෙළද නාමයක් ඇති ආහාර අලෙවි ව්‍යාපාරයක හිමිකරුවෙක් බව ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ තොරතුරු සදහන් කළේය.

මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමත් සමග මෙම විමර්ශනයට අදාලව 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතර දැරිවිය මේ ආකාරයට අළෙවි කිරීමට මුල් වූ ඇගේ මව සහ මවගේ අනියම් පුරුෂයාද සිටිති.

මෙසේ දැරිවියව කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ අළෙවිකර ඇති අතර ඇගේ සේවය ලබාගත් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්