නවතම පුවත්

කෝපායි ටික්ටොක් ස්ටූඩියෝව ළඟ 7 දෙනකුට පහර දුන් මැර කල්ලිය සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

යාපනය,කෝපායි සෙල්වපුරම් ප්‍රදේශයේදී යතුරුපැදිවලින් කඩු රැගෙන පැමිණ සිදුකළ පහරදීම සඳහා යතුරු පැදිකරුවන් 14දෙනෙකු පමණ පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පෙරේදා (30) රාත්‍රී 8.30ත් 9.30ත් අතර එම පහරදීම සිදුව ඇති අතර පහරදීමෙන් පුද්ගලයින් 7දෙනෙකු තුවාල ලබා ඇත.  ඉන් පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

යතුරුපැදිවලින් පැමිණි පිරිස අදාළ පුද්ගලයින්ට තුවාල සිදුකර පළාගොස් ඇත. එම සිදුවීම විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පහරදීම සිදුකළ ස්ථානයේ “ටික් ටොක් ස්ටුඩියෝ” නමින් ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!