නවතම පුවත්

අන්තර් පළාත් ප්‍රවාහන සේවා ආරම්භ කිරිම ගැන තීන්දුව හෙට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ‍ප්‍රවාහන  සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය හෙට(19) රැස්වීමට නියමිතව බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යලි ආරම්භ කිරිම සදහා සෞඛ්‍ය අංශවල අදහස් විමසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සීමා කරන ලද පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වා ගෙන යාම සඳහා ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය සතියේ ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබීය.

ඒ අනුව එම කාර්ය සාධක බලකායේ ප්‍රථම රැස්වීම හෙට දින පස්වරුවේ  ප්‍රවාහන  සේවා අමාත්‍යාංශයේ දී පැවැත්වේ. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමට සියලුම සාමාජිකයින් සහභාගි වීමට නියමිතය.

එමෙන්ම මෙහිදී කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සීමාවන් සහිතව පවතින පොදු  ප්‍රවාහන කටයුතුවල  අන්තර් පළාත් ප්‍රවාහන  සේවාවන් පවත්වාගෙන නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අදහස් විමසීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතය.

සෞඛ්‍ය අංශවල අනුමැතිය ලබා දෙන්නේ නම් අන්තර් පළාත් පොදු ප්‍රවාහන  සේවා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් යැයිද අමාත්‍යවරයා කාර්ය සාධක බලකායට මින් පෙර දැනුම් දී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්