නවතම පුවත්

අන්තවාදයට , උඩගෙඩි දෙන සමාජ මාධ්‍ය ප්‍රචාරයන් පාලනය කිරීමට නව නීති ගෙනෙනවා – අමාත්‍ය සරත් වීරසේකර

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමාජ මාධ්‍ය ජාල තුළ ජාතීන් අතර සංහිඳියාවට බලපාන පරිදි සහ අන්තවාදයටත් ත්‍රස්තවාදයටත් උඩගෙඩි දෙන පරිදි අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්නන්ට  දඬුවම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටී .

කෙසේ වෙතත් මෙහිදී භාෂණයේ නිදහසට හෝ මාධ්‍ය නිදහසට කිසිදු බලපෑමක් කිරීමට අපේක්‍ෂා නොකරන බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

සමහර වෙලාවට අපි දකිනවා සමාජ මාධ්‍ය ජාලවල ඉතාම අසත්‍ය ප්‍රවෘත්ති ඒගොල්ලො විකාශය කරනවා, ප්‍රසිද්ධ කරනවා, ඒකෙන් ජාතීන් අතර තියෙන සංහිඳියාවට සම්පූර්ණ බලපාන විදියට. ඒවගේම තමයි අන්තවාදයට සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, මෙන්න මේ වගේ ප්‍රකාශ ඇත්ත වශයෙන්ම ජාතිද්‍රෝහී ප්‍රකාශ. ඉතිං ඒක නිසා ඒවගේ අයට දඬුවම් කිරීමට තමයි මේ දණ්ඩ නීති සංග්‍රහය නැවත වරක් සංශෝධනය කරන්නෙ, නැත්නම් යම් යම් දේවල් එකතු කරන්නෙ. අලුත් පනතක් හැටියට නෙවෙයි”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්