ලබන අප්‍රේල් මාසයේ සිට මෙරට සෑම පුද්ගලයෙකුටම සීමාරහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සූදානම් වෙයි.
විදුලි සංදේශ සේවා සපයන සියලු ආයතනවලින් පසුගිය පළවනදා වනවිට ඊට අදාළ වන පැකේජ පිළිබඳව වාර්තාවක් කැඳවීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත.
මේ දිනවල එම පැකේජ නැවත සමීක්ෂණය කරමින් සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත්‌කරමින් සඳහන් කරයි.
සීමා රහිත අන්තර්ජාල පහසුකම් පිළිබඳව පැකේජ සහ මිලගණන් තීරණය කිරීමෙන් අනතුරුව අප්‍රේල් මුල් සතියේ එහි පළමු
වටයේ නිකුත් කිරීම් සිදුකිරීමට අපේක්ෂිත ය.