නවතම පුවත්

අනාගත රජයකින් හෝ යුක්තිය අපේක්‍ෂා කරනවා – අගරදගුරු

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ඉදිරියේදී පත්වන රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්  අවධාරණය කර සිටී .

පාස්කු ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයන් සහ උසස් නිලධාරීන් ආරක්ෂා කර උසස්වීම් ලබාදෙමින් වත්මන් රජය එය විහිළුවක් කර ඇතැයිද කාදිනල්තුමා සඳහන් කළහ.

වත්මන් රජය තමන්ට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කර නැතැයි ද කාදිනල්තුමා  කීහ.

පාස්කු ප්‍රහාරයට අදාල සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද “තිත” නම් ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් කාදිනල්තුමා  මේ බව පැවසූහ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (19) පැවැත්විණි.

ශ්‍රී ලංකා රදගුරු රදගුරු මණ්ඩලයේ සභාපති දේව ධර්මාචාරය වින්ස්ටන් ප්‍රනාන්දු අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි.

පාස්කු දින ප්‍රහාරයට වසර තුනක් පමණ ගතව ඇතත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවූ බවක් පිළිගත නොහැකි බව කී කොළඹ අගරදගුරුතුම  මේ සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සාක්ෂිද රජය සහ නීතිපතිවරයා විසින් සඟවා ඇතැයි පැවසූහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්