නවතම පුවත්

අනිද්දා සිට, කොටස් වෙළඳපොලේ “ලොකු වෙනසක්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන (24) සඳුදා දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම, සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත වේ.

කොළඹ කොටස් හුවමාරුව එහි මූලික මිනුම් ලකුණ ලෙස සැලකෙන සියලු කොටස් මිල දර්ශක අගය හා එහි ප්‍රතිලාභ දර්ශකය ගණනය කරනු ලබයි. මෙතෙක් කාලයක් මෙම ගණනය කිරීමට බැර තැබීම සඳහා එහි ලැයිස්තුගත සමාගම් වල නිකුත් කරන ලද මුළු කොටස් ප්‍රමාණය භාවිත කළ අතර මහජනයා සතුව පවතින කොටස් ප්‍රතිශතය පිළිබඳව සැලකිල්ලට ලක් නොවුනි. එමෙන්ම මේ සඳහා සියලුම ලැයිස්තුගත ඡන්ද බලය හිමි කොටස් හා හිමි නොවන කොටස් සියල්ලෙහිම මිල වෙනස් වීම හරහා වන දර්ශකයට බලපෑම අදාළ සුරැකුම්පතෙහි මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනය මත පදනම් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්