නවතම පුවත්

අනුර කුමාර දිසානායකට නොබෙල් තෑග්ග ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාස හයක් ඇතුලත මෙරට ආර්ථිකවර්ධනය ඍන මට්ටමේ සිට ධන අගයක් දක්වා ඔසවා තැබිය හැකි නම් අනුර කුමාර දිසානායක මහතාට නොබෙල් ත්‍යාගයද හිමිවනු ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය .

මෙහිදී අගමැතිවරයා මෙසේද පැවසීය ,

තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්. ඍන හයක් හතක් දක්වා ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක් එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා.

ඒ නිසා මම අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ මේ සැලැස්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිතුමා ළඟට යන්නට කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි එය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් සහ ප්‍රතිඵලදායි වැඩපිළිවෙළක් නම් අපි එය ක්‍රියාත්මක කරමු. එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා.

ඉතින් එවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩදී තනතුරු අත්හරින්න සූදානම්. තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්. මොකද මම මේ දරන තනතුරු මට අලුත් දේවල් නෙමෙයි. රට අරාජික වෙලා තියෙන වෙලාවක කිසි කෙනෙක් වගකීම භාරගත්තේ නැති වෙලාවක මම මේ තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි.

ඒ අවස්ථාවේ රට පත්වී තිබුණේ අරාජික සහ අනතුරුදායක තත්වයකට. ඒ තත්ත්වය තවත් වර්ධනය වුනා නම් රට ලේ විලක් බවට පත් වෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් අප දිහා මිත්‍රත්වයෙන් නොබලන වටපිටාවක් උදා වෙන්න තිබුණා.
මේ තනතුර භාර ගත්තේ ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම් භාරගත්තේ රට වෙනුවෙන් .මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිතා කරමින් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාර ගත්තේ රට ප්‍රපාතයට ඇද වැටීම වලක්වා ගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහලට ඔසවා තබන්න.

මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. මට තියෙන්නේ රට ගොඩ ගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි. ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්නා සිටින්නට කැමතියි.

අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරලීමේ කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්