නවතම පුවත්

තෙල් නැව් හතක් එනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තෙල්  නැව් හතක් පමණ  මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී  අද (5) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

හරින් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතා වුණු දේවල්. ඩීසල්  හතළිස් දාහක තොගයක්  ලබන 8-9 අතර එනවා. දැවි තෙල් නැවක් 10-11 අතර එනවා. තවත්  ඩීසල්  නැවක් දාහතර වෙනිදා එනවා.
13-15 අතර විටොල් එකෙන්  පැට්‍රෝල්  එකක් එනවා. පහළොස් වැනිදා බොර තෙල් නැවක් එනවා. එදිනම ඉන්දීය තෙල් සමාගමෙන් වෙනම ඩීසල්  එකක් එනවා. විසි දෙවෙනිදාත්  තොගයක් එනවා.

අද විපක්ෂය කලබල වෙලා තියෙන්නේ මේ  වැඩේ  කරාවි කියලයි. මොකද මේක කළොත් ඒ ගොල්ලන් ඉවර වෙනවා. අපි කොහොම හරි මේක කරනවා.

මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන. හැබැයි අද කෝප් එක  තියෙනවා. 70 ට තියනවනම් එකසිය විස්සට ගන්නෙ මොන පිස්සාද. අරගලයට ව්‍යසනය ගෙනැවිත් වෛරය වපුරන්න හදනවා. එහෙම කරන අයට හරි යන්නේ නෑ මේක වට්ටලා කිසිම අයෙකුට කිසිම බම්බුවක් කරන්න බැහැ.  මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙන්න ඕන. නැත්නම් මේ රට ගොඩ දාන්න අමාරුයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්