පැතුම් වික්‍රමරත්න
ඉදිරි මාස තුනත් හයත් අතර කාලය ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.
දැනට තිබෙන දත්ත භාවිත කරන ලද විශ්ලේෂණයකින් ඒ බව අනාවරණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.
මෙම තාවකාලික දත්ත ඉදිරියේදී වෙනස් විය හැකි නමුත් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය හදිසි මෙහෙයුම් ප්‍රධානී මිචෙල් යාවෝ මාධ්‍ය වෙත පවසා ඇත.
ජනතාව සිය හැසිරීම් වෙනස් කරගනිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමෙන් මෙම තත්වය වෙනස් කරගත හැකි බවද ඔහු මෙහිදී පවසා ඇත.